මාස පහක් ඇතුළත ඊශ්‍රායල මහමැතිවරණ ප්‍රතිඵල

(කොළඹ, ලංකාපුවත්) – මාස පහක් ඇතුළත ඊශ්‍රායලයේ පැවැති දෙවැනි මහමැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශ කිරීමට ආසන්න බව වාර්තා වේ.

මෙම මැතිවරණයෙන් බහුතර බලයක් කිසිදු පාර්ශවයකට හිමිනොවන බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ අනූව රජයක් පිහිටුවීම සඳහා අනෙකුත් පක්ෂවල සහාය ලබාගැනීමට සිදුවන බව විචාරකයෝ පෙන්වා දෙති.

ප‍්‍රධාන පක්ෂ දෙකක් අතර දැඩි තරගකාරි මට්ටමක් නිර්මාණය වී ඇති අතර බ්ලු ඇන්ඩ් වයිට් පක්ෂයට ආසන 32ත් 34ත් අතර සංඛ්‍යාවක් ලැබෙනු ඇති බවට විශ්වාස කෙරේ.

බෙන්ජමින් නෙතන්යාහුගේ ලිකුඩ් පක්ෂය ආසන 30ත් 33ත් අතර සංඛ්‍යාවක් ලබාගත හැකි බවට මත පළ වේ.

ඊශ‍්‍රායල් පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාව 120 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *