හිටපු ගුවන්-නාවික හමුදාපතිවරුන්ට ගෞරව නාම

(කොළඹ, ලංකාපුවත්) –හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතා මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් යන ගෞරව නාමයන්ගෙන් පිදුම් ලැබීමේ නිල උත්සවය අද(19) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේදී සිදු කිරීමට නියමිතව ඇත.

දශක තුනකට අධික කාලයක් මෙරට තුළ පැවැති දරුණු ත්‍රස්තවාදය අවසන් කිරීමේ මහා මානුෂීය මෙහෙයුමේදී හමුදාවන් අවසන් ඉලක්කය දක්වා ජයග්‍රාහිව මෙහෙයවූ හමුදාපතිවරුන් වෙනුවෙන් රජයේ ඉහළම ගෞරවය ලබා දීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සිදු කරනු ලැබිණි.

ඒ අනුව හිටපු යුද්ධ හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට ලෝකයේ උසස්ම නිලය වූ ෆීල්ඩ් මාෂල් තනතුර ප්‍රදානය කිරීම මීට වසර කිහිපයකට පෙර සිදු කෙරුණු අතර එවකට ගුවන් හමුදාව මෙහෙයවූ චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක මහතාටත් නාවික හමුදාව මෙහෙයවූ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාටත් එම ගෞරව නාමයන් නිල වශයෙන් ප්‍රදානය කිරීම අද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *