එජාප ජනපති අපේක්ෂකයා ඉදිරි සතිය තුළ

(කොළඹ, ලංකාපුවත්) –එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ඉදිරි සතිය තුළ ප්‍රකාශයට පත් කිරිමට නියමිත බව එම පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් තමන්ට ඒ පිළිබඳ දැනුම් දුන් බවයි.

අද(19) පස්වරුවේ එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ නායකයින් සහ පක්ෂ නායකයා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විමට ද නියමිත බව අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *