ජනාධිපති ඡන්දය නොවැම්බර් 16

(කොළඹ, ලංකාපුවත්) –මෙරට 8 වැනි ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය නියම කරමින් ඊට අදාළ ගැසට්ටුව ඊයේ (18) රාත්‍රියේ නිකුත් කරන ලදි.

ඒ අනුව ඔක්තෝබර් 7 වැනිදා ජනාධිපතිවරණයට අදාළ නාම යෝජනා බාර දීමට නියමිත අතර නොවැම්බර් 16 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් අදාළ ගැසට්ටුව මුද්‍රණය සඳහා ඊයේ (18) රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට යවා තිබේ. ඒ අනුව මෙරට 8 වැනි ජනාධිපතිවරයා තේරීමේ තීරණාත්මක ජනාධිපතිවරණය නොවැම්බර් 16 වැනිදා පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *