නෙලුම් කුලුනේ අක්‍රමිකතා කෝප් කමිටුවට

(කොළඹ, ලංකාපුවත්) –කොළඹ නෙලුම් කුලුන ඉදිකිරීම සඳහා වන වියදම් සහ ඉදිකිරීම් පිළිබඳ පරීක්ෂණ ආරම්භ කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරකසභාව හේවත් කෝප් කමිටුව සූදානම් බව එම කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හන්ඳුන්නෙත්ති මහතා පැවසීය.

පසුගියදා නෙලුම් කුලුන විවෘත කිරීමේ අවස්ථාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම කුලුන ඉදිකිරීමේදී පසුගිය රජය සමයේ රුපියල් බිලියන 2ක මුදලක් අතුරුදන් වී ඇති බවත් එහිදී මූල්‍ය වංචාවක් සිදුව ඇති බවත් ප්‍රකාශ කළේය. ඒ අනුව එම මූල්‍ය වංචාව පිළිබඳ සොයා බැලීමට කෝප් කමිටුව සූදානම් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *