ලයිබීරියාවේ පාසලක ගින්නකින් දරුවන් 27ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –ලයිබීරියාවේ පාසලක හටගත් ගින්නකින් සිසුන් 27දෙනෙක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලයිබීරියාවේ මොන්රෝවියා අගනුවර ආසන්නයේ පිහිටා තිබූ නේවාසික පාසලක මෙම ගින්න හට ගෙන ඇති බව සදහන් වේ.

අලුයම් කාලයේ ගින්න හටගෙන ඇති අතර එම අවස්ථාවේදී සිසුන් නින්දට ගොස් සිටි බව වාර්තා වේ.

ලයිබීරියා ජනාධිපති ජොර්ජ් වීෂ් අනතුර සිදුවූ ස්ථානය පැමිණ සිටි අතර ඔහු සිද්ධිය සම්බන්ධයෙන් ශෝකය පළ කර තිබේ.

ගොඩනැගිල්ල තුළ තවත් මළ සිරුරු තිබේදැයි සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක අතර විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බව මූලික විමර්ශන වලින් අනාවරණ වී ඇත. මේ සම්බන්ධ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *