උතුරේ, මුහුදු කූඩැල්ලන් ඇල්ලීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

(කොළඹ, ලංකාපුවත්) – ඉදිරි සතියේ සිට උතුරේ, මුහුදු කූඩැල්ලන් ඇල්ලීමට කිමිඳීම සිදු කිරීම වෙරළේ සැතපුම් පහක දුරින් පමණක් බව ධීවර අමාත්‍යංශය පවසයි.

G.P.S. තාක්ෂණය ඔස්සේ එම සීමාව තීරණය කර සිතියම් ගත කර ඇතිබව මේ අනුව වෙරළ සීමාව තහනම් බවත් අවධාරණය කෙරෙන අතර එම තීරණය උල්ලංඝනය කරනු ලබන කිමිඳුම්කරුවන්ට නීතිමය පියවර ගැනීමටද ධීවර අමාත්‍යංශය කටයුතු යොදා ඇත.

පේදුරුතුඩුවේ සම්ප්‍රදායික ධීවර රැකියාවේ නිරත වන ධීවරයින් සහ මුලතිව් වෙරළ තීරයේ සිට පේදුරුතුඩුව දක්වා කිමිඳී මුහුදු කූඩැල්ලන් අල්ලනු ලබන ධීවරයන් සමඟ පැවති සාකච්ඡාවේදී මෙසේ වෙරළ සිට සැතපුම් 05ක දුරින් මුහුදු කූඩැල්ලන් ඇල්ලීම වෙනුවෙන් භාවිතා කරන ලෙස කිමිඳුම්කරුවන්ට ධීවර අමාත්‍යංශය උපදෙස් දෙන ලදී.

එම තීරණය උල්ලංඝනය කරනු ලබන කිමිඳුම්කරුවන්ට නීතිමය පියවර ගැනීමටත් නාවික හමුදාවට උපදෙස් ලබා දීමට පියවර ගන්නා බවට එම සාකච්ඡාවේදී ධීවර දෙපාර්තමේන්තුව කළ යෝජනාවට දෙපිරිසම එකඟතාවය පළ කර ඇත.

මෙහිදී ධීවරයන් විසින් කෘෂිකර්ම, වාරිමාර්ග ග්‍රාමීය ආර්ථික කටයුතු සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති පී. හැරිසන් මහතාට සිය ධීවර ගැටළු යොමු කිරිමට කටයුතු කළ අතර සාම්ප්‍රදායික ධීවර කටයුතුවල නිරත උතුරේ පේදුරුතුඩුවේ ධීවරයන්ද නවීන ධීවර තාක්ෂණය මාළු ඇල්ලීම සඳහා යොදා ගත යුතු බවත් ඒ සඳහා තම අමාත්‍යංශය ධීවරයන්ට අමතර උපදෙස් ලබා දීමට බැඳී සිටින බවත්මෙහිදී ඇමැතිවරයා වැඩි දුරටත් පැවසීය.

මෙම අවස්ථාවට ධීවර රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි , යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඩග්ලස් දේවානන්ද , ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න ගිනිගේ මහත්වරුන් සහ අමාත්‍යංශ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *