කොළඔ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹෙයි

(කොළඹ, ලංකාපුවත්) – කොළඔ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2019 අද(20) උදෑසන සිට ආරම්භ විය.

ප්‍රදර්ශනය අද(20) සිට මේ මස 29 වන දින දක්වා දිනපතා උදෑසන 9.00 සිට රාත්‍රි 9.00 දක්වා පැවැත්වේ. ශ්‍රි ලංකා පොත් ප්‍රකාශකයිනගේ සංගමය 1999 සිට සෑම වසරකම කොළඔ ජාත්‍යත්තර පොත් ප්‍රදර්ශනය පවත් වන අතර මෙවර 21 වෙනි වතාවට පැවැත්වේ.

මෙවර කොළඔ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය වෙළෙඳ කුටි 445කින් සමන්විත වන අතර විදේශ වෙළෙඳ කුටි 60ක් ඊට ඇතුලත් වේ.

මිට සමගාමිව දින පතා සංස්කෘතික සංදර්ශන,ළමා නාට්‍ය හා ළමා ක්‍රියාකාරකම්,පුහුණු වැඩමුළු,විනෝදංනක ක්‍රිඩා ආදි වැඩසටහන් රැසක් මිට ඇතුලත්ය.

මේ අතර කොළඔ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන දිනවල කිරිබත්ගොඩ,බොරැල්ල,බම්බලපිටිය හා අවට නගර කිහිපයක සිට බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාව දක්වා නොමිලේ බස් සේවාවක ද ක්‍රියාත්මක වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *