මරදාන බෙලිඅත්ත අතර සුඛෝපභෝගී අධිවේගි දුම්රියක් ධාවනයේ

(කොළඹ, ලංකාපුවත්) –මරදාන සිට බෙලිඅත්ත දක්වා අධිවේගි දුම්රියක් අද(24) සිට ධාවනයට යොදවන බව දුම්රිය පාලක මැදිරිය පවසයි. එය දිනපතා ධාවනයට යෙදවීමට කටයුතු යොදා තිබේ.

දුම්රිය මරදානෙන් පිටත් වන්නේ පස්වරු තුනටය. එය පස්වරු 6.05 වනවිට බෙලිඅත්තට ලඟා වීමට සැළසුම් කර තිබේ. අළුත්ගම, අම්බලන්ගොඩ, හික්කඩුව ඇතුළු දුම්රිය ස්ථාන කිහිපයක පමණක් එය නතර කරන බවයි පාලක මැදිරිය පවසයි.

වායු සමනය කළ මැදිරිවලින් එය සමන්විත වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *