බෙලිඅත්ත – කොළඹ දක්ෂිණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියක්

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ බෙලිඅත්ත දක්ෂිණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ඊයේ(24) සිය මංගල ගමන ආරම්භ කළේය. ඒ ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතාගේ ආරම්භක සංඥාවෙනි.

දුම්රියට යොදා ගන්නේ ඉන්දියාවෙන් ආනයනය කළ එස් 13 වර්ගයේ අති සුඛෝපභෝගි දුම්රියකි.

බෙලිඅත්ත – කොළඹ දෛනිකව එන යන දුම්රිය මගීන්ගේ ඉල්ලුම සැලකිල්ට ගනිමින් මෙම දුම්රිය ධාවනයට එක් කර තිබේ.

කොළඹ බෙලිඅත්ත දක්ෂිණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය මරදානෙන් පිටත් වන්නේ සවස තුනට වේ. කොළඹ කොටුවෙන් පස්වරු 03.10ට ගමන් කරන එම දුම්රිය බෙලිඅත්තට ළඟා වන්නේ සවස 06.05ට වේ. සෑම දිනකම උදෑසන 02.15ට බෙලිඅත්තෙන් ගමන් ආරම්භ කරන දුම්රිය කොළඹ කොටුවට උදෑසන 05.04ටද මරදානට 05.10ටද ළඟා වනු ඇත. දුම්රිය නවත්තන්නේ අලුත්ගම, අම්බලන්ගොඩ, හික්කඩුව, ගාල්ල, වැලිගම, මාතර, කැකණදුර, වැවුරුකන්න වේ.

ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසන්නේ කොළඹ සිට උතුරට සහ නැගෙනහිරට වයඹට ගමන් ගන්නා දුම්රිය ඉල්ලක්ක කර මෙම නව දුම්රියේ කාල සටහන සකසා ඇති බවයි.

මෙම අවස්ථාවට ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් එල්. පී. ජයම්පති මහතා, දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා ඇතුළුව සම්භාවනීය අමුත්තන් රැසක් එක් වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *