අභිරහස් ලෙස මිය ගිය සද්ධන්තයින් පිළිබද වැඩිදුර පරීක්ෂණ

(කොළඹ, ලංකාපුවත්) –හබරණ – හිරිවඩුන්න ප්‍රදේශයේ වැව් ඉස්මත්තක තිබී අභිරහස් ලෙස මිය ගිය ඇතින්නියන් 04 දෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ.

ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත එම මල සිරුරු අද(27) පෙරවරුවේ සොයාගත් බව වනජීවි නිළධාරින් සඳහන් කළේය.

ඉන් එක් ඇතින්නියක් ගැබ්බර අවධියේ පසුවන අතර, කිසියම් විසක් ශරීර ගතවීමෙන් මෙම වන අලින් මියයන්ට ඇති බවට සැක පළ කරයි.

සීගිරිය වනජීවී නිළධාරින් මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *