(කොළඹ, ලංකාපුවත්) –ලබන සඳුදා වනවිට වැඩ වර්ජනය අත්නොහැරියොත් දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ මහතා පැවැසීය.
ඇමැතිවරයා මෙම අදහස් පළකලේ ඊයේ (26) බත්තරමුල්ල ප්‍රවාහන අමාත්‍යාංශයෙ පැවැති මාධ්‍ය හමුවක දීය.
මෙහිදී අදහස් දැක්වු ඇමැතිවරයා-ජනතාවට සිදුවන අපහසුතා හා පීඩාව වැළැක්වීම සඳහා උපරිමයෙන් ක්‍රියා මාර්ග ගන්නවා. මේ සඳහා ලංගම හා පෞද්ගලික බස්රථ දුම්රිය ස්ථාන ආශ්‍රිතව යොදවා ජනතාවට බස්රථවලින් ගමන් කිරීමේ පහසුකම් සැලසීමට පියවර ගන්නා බවද පැවසුවේය.
දුම්රිය වෘත්තීය සමිති සිය වැටුප RM 01, RM 02 වැටුප් ප්‍රමාණයට කරන්න කියා මුලින් ඉල්ලීමක් කළා. නමුත් එම ඉල්ලීම කළ අවස්ථාවේ ඉටු කළා නම් සමස්ත රාජ්‍ය සේවයේම වැටුප් වාර්තාවල විසමතාවක් ඇතිවී තිබූ හෙයින් පන්ලක්ෂ දහනම දහසකටම අහිතකර බලපෑමක් එල්ල වෙනවා. එම නිසා එම ඉල්ලීම් සමාලෝචනය කිරීමට ජනාධිපතිතුමා රනුක්ගේ කමිටුව පත් කළා. ඒ කමිටුවේ නිර්දේශවලට හැමෝම එකඟ වූ හෙයින් වැටුප් වැඩිවීම ජනවාරි පළමුවැනි දා සිට ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යංශය කටයුතු යොදා තිබෙනවා. එසේ තිබිය දී වෘත්තීය සමිති වැටුප් වැඩිවීම වහාම ක්‍රියාත්මක කරන්නැයි බල කිරීම අසාධාරණයක් බවද රාජ්‍ය ඇමැතිවරයා පැවසුවේය.
මෙම වැඩ වර්ජනය පිළිබඳ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා හෝ ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්හෝ ඇමැතිවරුන් වෙත ලිඛිතව දැනුම් දී නැහැ. වර්ජනය ගැන දැනුම් දී ඇත්තේ මාධ්‍යයටයි. මෙය සම්පුර්ණයෙන් ම අසාධාරණ වැඩ වර්ජනයක් .
වැඩ වර්ජනය කරන රියැදුරකු අතිකාල සමඟ ලක්ෂ තුනකට වඩා පඩි ගන්නවා. නියාමකවරයෙක් අතිකාල සමඟ ලක්ෂ දෙකහමාරකට වඩා වැඩි වැටුපක් ලබා ගන්නවා. දුම්රිය ස්ථානාධිපතිවරයෙක් අතිකාල සමඟ ලක්ෂ දෙකක වැටුපක් ලබා ගන්නවා. මෙසේ වැටුප් ලබා ගන්නා අය වර්ජනය කිරීම දැඩි අසාධාරණයක්.
බලය ගිලිහුනු දේශපාලනඥයෝ නැවත බලය ලබාගන්න වර්ජන මෙහෙය වනවා.
මල්ලි ජනාධිපති, අයියා අගමැතිවෙලා පවුලේ අයට මේ රට පාලනය කරන්න බලය ලබා ගැනීමේ අරමුණින් මේ වර්ජන මෙහෙයවනවා. වත්මන් රජය දුම්රිය සංවර්ධනයට විශාල අයෝජනයක් කර තිබෙනවා. එවැනි යුගයක මෙවැනි අමන ක්‍රියාවන් කරන විට මහජනතාව වර්ජනය කරන්නන් පිළිබඳ හොඳින් සලකාවී. ලබන සඳුදා වනවිට වර්ජනය අත් නොහැරිය හොත් දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නව.