දුම්රිය සංගම් අදත් වර්ජනයේ – මගීන් දැඩි අපහසුතාවට

(කොළඹ, ලංකාපුවත්) – දුම්රිය වෘත්තීය සමිති අද (30) දිනයේද වැඩ වර්ජනයේ නිරත වේ. ඒ, වැටුප් විෂමතා ගැටළුව මුල්කර ගනිමින්ය. ඔවුන් මෙලෙස අඛණ්ඩව වැඩවර්ජනයේ නිරතවන්නේ පස්වන දිනටය.

මෙම දුම්රිය වර්ජනය හේතුවෙන් ඉකුත් දින කිහිපයේ මෙන්ම අද උදෑසන ද මගීන් දැඩි අපහසුතාවට පත්විය.

කෙසේවෙතත්, අද උදෑසන කාර්යාල දුම්රිය 10 ක් පමණ ධාවනය කිරීමට ද කටයුතු යොදා තිබේ.

මෙම වර්ජනයට එක්ව සිටින වෘත්තීය සමිති අපේක්ෂාවෙන් බලා සිටින කැබිනට් අනුකමිටුව අද පස්වරුවේ රැස්වීමට නියමිතය. එහිදී ලැබෙන තීරණය මත සිය වර්ජනය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවසීය.

අද පස්වරුවේ තීරණයක් නොලැබුණහොත් වර්ජනය අඛණ්ඩව සිදුකරන බව ද ඔහු සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *