අබාධිත රණවිරු සත්‍යග්‍රහය අවසන්

(කොළඹ, ලංකාපුවත්) – ආබාධිත රණවිරුවන් ක්‍රියාත්මක කළ සත්‍යග්‍රහය අද(30) දහවල් අවසන් කළේය. ඔවුන් දින 20 ක් පුරා මෙලෙස සත්‍යග්‍රහයේ නිරත වුයේ කොටුව දුම්රියපළ ඉදිරිපිටදීය. පසුව ඔවුන් කොටුව දුම්රියපළ ඉදිරිපිටදී උපවාසයක් ද ආරම්භ කර තිබුනි.

රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සභාපති යූ.ඩී. වසන්ත මහතා සඳහන් කළේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද (30) විරෝධතාව පැවති ස්ථානයට පැමිණ තමන් සමග සාකච්ඡා කළ බවයි.

එහිදී දුන් පොරොන්දුව සැලකිල්ලට ගනිමින් මෙම විරෝධතාවය අවසන් කිරීමට තීරණය කල බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *