සාම හමුදා රාජකාරියට විදේශ ලේකම් රවිනාථගෙන් යළි ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා හමුදාව, එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී සඳහා යෙදවීම සම්බන්ධයෙන් ගෙන ඇති තීරණය පිළිබඳව යළි සළකා බලන ලෙස විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමුළුවට සහභාගී වීම සඳහා අමෙරිකාවට ගොස් සිටින රවිනාථ ආරියසිංහ මහතා, එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් පිළිබඳ ලේකම් ජින් පියරේ ලක්වා මහතාගෙන් මෙම ඉල්ලීම කර ඇත.

මෙහි දී විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා, එක්සත් ජාතීන්ගේ ලේකම්වරයාට ඔවුන්ගේ තීරණය සම්බන්ධයෙන් කරුණු දැක්වා තිබේ.

දැනට ලෙබනනයේ සාම සාධක මෙහෙයුම්වල නිරතව සිටින ශ්‍රී ලංකා සාම සාධක භට පිරිසේ මෙහෙයුම් අවසන් වූ පසු යළිත් ශ්‍රී ලංකා හමුදාවෙන් භට පිරිස් බඳවා නොගැනීමට තීරණය කර ඇත. එම ප්‍රමාණය සම්පූර්ණ සාම සාධක භටපිරිසෙන් 25%කි. ශ්‍රී ලංකා හමුදාව 1960 වසරේ සිට එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීවල නිරතව සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *