චීන – ශ්‍රී ලංකා තානාපති සබඳතාවලට වසර 60ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වුණ ප්‍රසංගයට ජනපති එක් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –මහජන චීන සමූහාණ්ඩුවේ 70 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කළ සංගීත ප්‍රසංගයක් ඊයේ (30) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

එම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක් විය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් සහ චීන තානාපති Chang Xueyuan මහතා ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *