තුන් නිවුන් දරුවන්ට ජනපතිගෙන් ලැබුණු තෑග්ග

(කොළඹ, ලංකාපුවත්) –ලෝක ළමා දිනය අදට යෙදී තිබේ. දරුවන් පිළිබඳ කවදත් සංවේදීව කටයුතු කරන නායකයෙකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (01)දින සිය රාජකාරී ආරම්භ කරනු ලැබුවේ දරුවන් වෙනුවෙන් තවත් සුවිශේෂී කටයුත්තක් ඉටු කරමිනි.

තුන් නිවුන් දරුවන්ගේ කටයුතු වෙනුවෙන් පවතින ආර්ථික දුෂ්කරතා සඳහා සහනයක් ලෙස පවුල් 03ක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 20 බැගින් මුදල් පරිත්‍යාග පිරිනැමීම ඒ අනුව අද (01) පෙරවරුවේ ජනාධිපතිතුමා අතින් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *