මෝසම් වැසි නිසා ඉන්දියාවේ 244ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – මෝසම් වැසි හේතුවෙන් ගෙවී ගිය දින කිහිපය තුළ ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ පුද්ගලයන් 244 දෙනකු මියගොස් ඇති බව එරට ආපදා කළමනාකරණ හා සහන සේවා දෙපාර්තමේන්තුව පවසයි.

මහ වැසි හේතුවෙන් සිදුව ඇති ආපදා නිසා උතුරු ඉන්දියාවේ විශාල ප්‍රදේශයක් ජලයෙන් යට වී ඇති බව එම වාර්තා වල දැක්වේ.

පූජනීය නගරයක් වන වරනාසි ප්‍රදේශයට බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල දී මිලි මීටර 200කට ආසන්න වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් හින්දු බැතිමතුන් දහස් ගණනක් භාවිතා කරන ගංඟා ගඟේ නාන ප්‍රදේශ මුළුමනින්ම ජලයෙන් යටවී තිබේ.

දියේ ගිලීමෙන් සිදුවූ මරණ හා අකුණු සැර වැදීමෙන් සිදුවූ මරණවලට අමතරව ගංවතුරට ලක්වූ ප්‍රදේශවල දී සර්ප දෂ්ඨය හේතුවෙන් ද අවම වශයෙන් පස් දෙනකු හෝ මියගොස් ඇති බව අනාවරණය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *