ගෝඨාභයගේ පුරවැසිභාවයට එරෙහි පෙත්සම සලකා බැලීම ඇරඹෙයි

(කොළඹ, ලංකාපුවත්) – හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියෙකු වශයෙන් පිළිගැනීම වැළැක්විමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම සලකා බැලිම මේ වන විට ආරම්භ කර ඇත.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලීම අද (02) පෙරවරු 09.30 ට පමණ ආරම්භ විය.

මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණි වියන්ගොඩ යන අය විසින්ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ආගමන විගමන පාලකවරයා ඇතුළු පාර්ශව රැසක් නම් කර තිබේ.

පෙත්සම්කරුවන් පවසන්නේ විධිමත් පුරවැසි සහතිකයක් ඉදිරිපත් නොකොට ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙරටදී විදේශ ගමන් බලපත්‍රයක් සහ ජාතික හැදුනුම්පතක් ලබාගෙන ඇති බවයි. එබැවින් එම බලපත්‍ර අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස හා පෙත්සම් විභාගය අවසන් වන තුරු එම බලපත්‍ර ක්‍රියාත්මක කිරීම වැලැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *