ප‍්‍රථම පොපි මල ජනපතිට පළඳවයි

(කොළඹ, ලංකාපුවත්) –පොපි මල් දිනය නිමිතිකොට ගනිමින් පළමු පොපි මල ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පැළඳවීම ඊයේ (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ශ‍්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරාල් උපුල් පෙරේරා මහතා විසින් ප‍්‍රථම පොපි මල ජනාධිපතිතුමා වෙත පළඳවනු ලැබීය.

සන්නද්ධ හමුදා අනුස්මරණ දින, පොපි ව්‍යාපෘතිය හා යුද ස්මාරක සංවර්ධන කමිටුවේ සභාපති රියර් අද්මිරාල් ආචාර්ය ෂේමාල් ප‍්‍රනාන්දු මහතා ඇතුළු ශ‍්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *