කපිල් දේව් සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය ක්‍රිකට් උපදේශක කමිටු ප්‍රධානී ධූරයෙන් (BCCI) කපිල් දේව්, ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් කපිල් දේව් විසින් විද්‍යුත් ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලා අස්වීම දැනුම් දී ඇති නමුත් සිය ඉල්ලා අස්වීමට හේතු වූ කරුණු පිළිබඳව එහි දක්වා නොමැති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ උපදෙස් මත ඉන්දීය ක්‍රිකට් උපදේශක කමිටුව පත් කරන ලදී. තවද පුහුණුකරුවන් ඇතුළු නිලධාරීන් පත් කිරීමේ වගකීමද එම කමිටුවට පැවරී තිබේ.

2019 ජූලි මාසයේදී කපිල් දේව්ව මෙම කමිටුවේ ප්‍රධානියා ලෙස පත් කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *