නාවික හමුදාවෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩපිළිවෙලක්

(කොළඹ, ලංකාපුවත්) – නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහන් දෙකක් උතුරු නාවික විධානය කේන්ද්‍ර කරගනිමින් ඊයේ(01) ක්‍රියාත්මක කළේය.

ඒ අනුව, උතුරු නාවික විධානය විසින් කීරමලේ හා දඹකොළ පටුන අතර වෙරළ තීරය සහ කුරිකඩ්ඩුවාන්,වෙරළ තීරය, මෙලෙස පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි. එහිදී ස්වභාවික හේතූන් සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි ලෙස දූෂණයට ලක්ව තිබූ වෙරළ තීරයන් නාවික පුද්ගලයින්ගේ දැඩි කැපවීම මත අපද්‍රව්‍ය වලින් තොර වෙරළ තීරයන් බවට පත් කිරීමට හැකි වූ අතර, මෙම වැඩසටහන් සඳහා නාවික හමුදා පුද්ගලයන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ උපදෙස් මත සියළු නාවික විධානයන් කේන්ද්‍ර කරගනිමින් දිවයින වටා වූ වෙරළ තීරය අලංකාරවත්ව සහ සුන්දර වෙරළ තීරයක් බවට පත් කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇත. එමඟින් දිවයින වටා වූ සියළු වෙරළ තීරයන් දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශණය දිනා ගැනීමට සමත්ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *