වර්ජනයේ නිරත දුම්රිය සේවකයින්ට දැනුම් දීමක්

(කොළඹ, ලංකාපුවත්) – විසදුම් ලබා දී තිබියදීත් තවදුරටත් වැඩ වර්ජනයේ නිරත වන දුම්රිය සේවකයින් සේවය අතහැරගියා සේ සැලකීමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අසනීප නිවාඩු ලෙස දන්වා නොමැතිව මේ දක්වා සේවයට වාර්තා කර නොමැති දුම්රිය රියදුරු, නියාමක, ස්ථානාධිපතිවරු, අධීක්‍ෂණ කළමනාකරු යන ශ්‍රේණිවලට අයත් සියළුම නිලධාරීන්ට සේවයට වාර්තා නොකළ දින සිට සේවය අතහැරගියා සේ සලකා කටයුතු කිරිමට අදාල පියවර ගන්නා බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *