වියදම් පියවා ගැනීම සඳහා අතුරු සම්මත ගිණුමක්

(කොළඹ, ලංකාපුවත්) – ලබන වසරේ මුල් මාස හතරේ වියදම් පියවා ගැනීම සඳහා අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ඒ සඳහා වූ යෝජනාව මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.
නොවැම්බර් මස 16 දින මීළඟ ජනාධිපතිවරණය පැවැත්වෙන බැවින් මේ වසරේ අයවැය ලේඛනයක් ඉදිරිපත් නොකිරීමට රජය තීරණය කර තිබිණි.

ඒ අනුව 2020 ජනවාරි මස 01 සිට අප්‍රේල් මස 30 දක්වා මාස 04ක කාලය සඳහා රජයේ කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ඇතුළත් කරමින් සකස් කරන ලද මෙම අතුරු සම්මත ගිනුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *