ට්‍රම්ප්ට ඉතාලි රූපවාහිනී මාධ්‍යවේදිනියකගෙන් තෑග්ගක්

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඉතාලියේ සංචාරයකට මේ දිනවල එක්ව සිටියි. එහිදී රෝමයේ ඉතාලි අග්‍රාමාත්‍ය ගුසෙප්පේ කොන්තේ හමුවිය.

එම අවස්ථාවේ දී අනපේක්ෂිත ලෙස පැමිණි ඉතාලියේ රූපවාහිනී මාධ්‍යවේදීනියක අමෙරිකා රාජ්‍ය ලේකම්වරයා වෙත ගොස් චීස් කැබැල්ලක් ලබා දී ඇත. ඉතාලි මාධ්‍යව්දී ඇලිස් මාර්ටිනෙලි එහිදී සඳහන් කළේ ජනාධිපති ට්‍රම්ප්ට තමන් තෑග්ගක් ගෙනා බව පවසමින් මයික් පොම්පියෝට එම චීස් කැබැල්ල ලබා දුන්නාය.

මයික් පොම්පියෝ එම තෑග්ග සිනහ මුසු මුහුණින් පිළිගත්තේය. එසේම මෙම මාධ්‍යවේදිනියව ආරක්‍ෂක නිලධාරීන් විසින් යළි රැගෙන යාමට මත්තෙන් රාජ්‍ය ලේකම්වරයා සිය ස්තූතිය ද පළ කර තිබේ.

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතාලියේ ආහාර නිෂ්පාදන සඳහා පනවා ඇති තීරු බදු හේතුවෙන් ඉතාලියේ චීස් නිෂ්පාදකයන් බොහෝ දෙනෙකු දැඩි අර්බුධයකට මුහුණ දී සිටි. ඊට විරෝධය දක්වමින් මෙය සිදු කරන්නට ඇති බවයි විදෙස් විචාරකයින් සඳහන් කරයි.

ඉතාලි අග්‍රාමාත්‍යවරයා සහ අමෙරිකා රාජ්‍යය ලේකම්වරයා අතර මෙම හමුව පැවැත්වෙන්නේ ද එම තීරු බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *