ජනපති අ‍පේක්ෂකයා ලෙස සජිත් ප්‍රකාශ කිරීමේ එජාප සම්මේලනය අද

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකවරයා ලෙස ප්‍රකාශයට පත් කිරීමේ විශේෂ පක්ෂ සම්මේලනය චාම්ව අභිමානවත්ව අද (03) උදේ 9ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම විශේෂ පක්ෂ සම්මේලනයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය තහවුරු කිරීම ඇතුළුව තවත් යෝජනා තුනක් ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම යෝජනා අතර දේශපාලන පළිගැනීම් වලට ලක් වූ පාක්ෂිකයින් පිළිබඳ යෝජනාවක්ද ඇතුළත් වෙයි.

එක්සත් ජාතික පෙරමුණේ සියලුම පක්ෂ නායකයින්ද මෙම අවස්ථාවට ඉදිරිපත්ව අදහස් ප්‍රකාශ කිරීම සිදු වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *