දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කිරීමේ ගැසට් නිවේදනය අද

(කොළඹ, ලංකාපුවත්) – දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට අදාල ගැසට් නිවේදනය අද දිනයේ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඊට අදාල ලිපි ලේඛණ මේ වන විට ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කර ඇති බවය. දැනට ක්‍රියාත්මක දුම්රිය වර්ජනයට පිළියමක් වශයෙන් දුම්රිය ඉංජිනේරු සංගමය දුම්රිය ධාවනයට එක්වන බව ඊයේ නිවේදනය කර තිබේ.

දුම්රිය ඉංජිනේරුවන් 100ක් පමණ අද (03) සිට කාර්යාල දුම්රිය ධාවනය සඳහා විශේෂයෙන් එක් වනු ඇති බව එම සංගමයේ සභාපති අශෝක මුණසිංහ මහතා සදහන් කළේය. ඒ අනුව අලුත්ගම සිට කොළඹ දක්වාත්, නුවර සිට කොළඹ දක්වාත්, මහව සිට කොළඹ දක්වාත් හලාවත සිට කොළඹ දක්වාත් දුම්රිය ධාවන කිරීමට නියමිත බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *