මේගන් කුමරියගේ පුද්ගලික ලිපියක් නිසා පුවත්පතකට නඩු පවරයි

(කොළඹ, ලංකාපුවත්) –බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ සසෙක්ස් හි ආදිපාදවරිය මේගන් කුමරිය බ්‍රිතාන්‍ය ටැබ්ලොයිඩ් පුවත්පතකට එරෙහිව නඩු පවරා තිබේ.

ඒ, මේගන් කුමරිය සිය පියාට යවන ලද පෞද්ගලික ලිපියක් අදාළ පුවත් පත විසින් පළ කිරීම හේතුවෙනි.

තම මවගේ එනම් ඩයනා කුමරියගේ මරණය සිදුවූ ආකාරයට සමාන සිදුවීමක් යළිත් සිදුවේදැ යි සහ තමාගේ බිරිඳටත් එම ප්‍රබල බලවේගයන්වල වින්දිතයෙකු බවට පත්වීමට සිදුවේදැයි තමා හට යම් බියක් පවතින බවත් හැරී කුමරු සදහන් කර තිබේ.

අදාළ ලිපිය හේතුවෙන් ප්‍රකාශන හිමිකම උල්ලංගනය කිරීම, පුද්ගලික තොරතුරු අනිසි ලෙස භාවිතා කිරීම සහ බ්‍රිතාන්‍යය දත්ත ආරක්ෂණ නීතිය උල්ලංගනය කිරීම යන චෝදනා යටතේ සිවිල් නඩුව ගොනු කර ඇත.

1997 වසරේදී පැරිසියේ උමං මාර්ගයකදී පැපරාසී මාධ්‍යවේදීන් පිරිසක් ලුහු බඳිමින් සිටියදී සිදූවූ ඉතා අවාසනාවන්ත මෝටර් රථ අනතුරකින් ඩයනා කුමරිය ජීවිතක්ෂයට පත්වූයේ මුළු ලෝකයක්ම කදුළු සාගරයේ ගිල්වමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *