‘මිහින්තලය‘ ජාතික උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත්කිරිමේ පුණ්‍ය මහෝත්සවය ලබන ඉරිදා

(කොළඹ, ලංකාපුවත්) – ඓතිහාසික මිහින්තලය පුදබිම ජාතික උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත්කිරිමේ පුණ්‍ය මහෝත්සවය ලබන ඉරිදා(06) පැවැත්වෙන බව මිහින්තලා රජමහා විහාරාධිපති වලවා හැංගුණවැවේ ධම්මරතන හිමියන් ප‍්‍රකාශ කළේය.

ඒ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙනි.

ලක්දිවට බුදුදහම රැගෙන වැඩම කළ අනුබුදු මිහිඳු හිමියන් වෙනුවෙන් සිදුකෙරෙන විශේෂ පිංකම් මාලාව ද අද සිට ආරම්භ වන අතර මිහිඳු පෙරහර අද රාතී‍්‍රයේ වීථි සංචාරය කිරීමටයි නියමිතය. මිහිඳු මහ පෙරහර ශ්‍රී‍්‍ර ලංකාවේ පළමු පෙරහර ලෙස සැලකෙන අතර එය ජාතික පෙරහරක් ලෙස ද ගැසට් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *