ඇප මුදල් තැන්පත් කිරීම ඉරිදායින් අවසන්

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයන්ට ඉරිදා (06) දහවල් 12.00 දක්වා ඇප මුදල් තැන්පත් කළ හැකි යැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

සෙනසුරාදා දින (05) ඇප මුදල් බාර නොගන්නා අතර අද (04) දිනයේ කාර්යාල වෙලාව තුළත් ඉරිදා (06) පෙරවරු 8.30 සිට දහවල් 12.00 දක්වාත් ඇප මුදල් තැන්පත් කළ හැකි බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *