මහත්මා ගාන්ධිගේ භෂ්මාවශේෂ අතුරුදහන්

(කොළඹ, ලංකාපුවත්) – මහත්මා ගාන්ධිතුමාගේ 150 වැනි ජන්ම දිනය යෙදී තිබූ ඔක්තෝබර් 02 වැනි දා ඉන්දියාවේ මධ්‍යම රෙවා නගරයේ බාපු භවාන් අනුස්මරණ මධ්‍යස්ථානයේ තැන්පත් කර තිබූ එතුමා ගේ භෂ්මාවශේෂ කිසියම් පිරිසක් විසින් සොරකම් කර ඇති බව ඉන්දීය පොලීසිය වාර්තා කරයි.

මෙම භෂ්මාවශේෂ බඳුන මහත්මා ගාන්ධි ඝාතනයට ලක් වූ 1948 වසරේ සිට එම ස්ථානයේ තැන්පත් කර තිබී ඇත.

මෙම සොරකම සිදු කළ පිරිස විසින් මහත්මා ගාන්ධි ගේ ඡායාරූප වල ජාතිද්‍රෝහියා ලෙස කොල පැහැයෙන් ලියා ඇති බව ද පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

තවමත් බොහෝ හින්දු අන්තවාදීන් එතුමා හඳුන්වන්නේ ද්‍රෝහියකු ලෙස වන අතර 1948 වසරේ ජනවාරියේ දී ඔහු ඝාතනයට ලක් වූයේ ද හින්දු අන්තවාදීන් අතිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *