(කොළඹ, ලංකාපුවත්) – ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලාංකික හස්තකර්මාන්ත කරුවන් සදහා “ශිල්ප සුරක්ෂා”නමින් නොමිළේ රක්ෂණාවරණයක් ලබා දීම ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත කරුවන් ලැබු විශාල ජයග්‍රහණයක් යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
ඊයේ (06) බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ පැවති ශීල්පාභිමාණී වැඩසටහනට සහභාගි වෙමින් මේ බව සදහන් කරන ලදි.
දැනට ලංකාවේ 20000කට වැඩි හස්ත කර්මාන්ත කරුවන්ගේ ශ්‍රම බලකායක් පවතියි.
පළමු අදියරේදී හස්ත කර්මාන්තකරුවන් 5000කට මෙම වසරේදී ශිල්ප සුරක්ෂා නොමිළේ “ශිල්ප සුරක්ෂා”රක්ෂණාවරණය ලබා දීමට නියමිතයි.