නිදහස් පක්ෂ – ‌පොහොට්ටු සන්ධාන ගතවෙයි [UPDATE]

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමට මීට සුළු මොහොතකට පෙර අත්සන් තැබීය.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ගිවිසුමට අස්සන් තැබු අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් එහි මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ගිවිසුමට අස්සන් තැබීම සිදුකළේය.

මෙම අවස්ථාවට පක්ෂ දෙක නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨයින් රැසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *