(කොළඹ, ලංකාපුවත්) – ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්ද විමසීම හෙට(11) පැවැත්වේ. අදාළ ඡන්ද මධ්‍යස්ථාන සඳහා ඡන්ද පෙට්ටි නිකුත් කිරීම අද(10) පෙරවරුවේ ආරම්භ කෙරෙන්නේ ඇල්පිටිය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සිටයි.
ඡන්ද ප්‍රකාශ කිරිම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකින් සංඛ්‍යාව 53,384කි. ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වෙන බල ප්‍රදේශය තුළ ඇල්පිටිය ප්‍රාදේශීය කොට්ඨාසයට අයත් පාසල් අද හා හෙට දිනයේ වසා තැබේ.