කංජිපානිගේ පියා ඇතුළු සැකකරුවන් 6 දෙනා යළි රිමාන්ඩ්

(කොළඹ, ලංකාපුවත්) – රක්ෂිත බන්ධනාගාරගතව සිටින කංජිපානි ඉම්රාන්ගේ පියා සහා ඔහුගේ සහෝදරයා ඇතුළු සැකකරුවන් හය දෙනා ඔක්තෝම්බර් මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

ඒ ඊයේ (09) ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

බූස්ස බන්ධනාගාරයේ රදවා සිටින කංජිපානී ඉම්රාන් බැලීමට පැමිණි ඔහුගේ ඥාතින් සතුව තිබූ සැකකටයුතු පාර්සලයක් පරික්ෂා කර තිබේ. ජංගම දුරකථන දෙකක් සහ චාජර් දෙකක් එහි තිබී සොයාගෙන තිබුනි. ඉන් අනතුරුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *