දේශගුණික අවබලපෑම අවම කිරීමේ ලෝක බැංකු ව්‍යාපෘති කාර්යාලයක් ශ්‍රී ලංකාවේ

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව තුළ දේශගුණික විපර්යාස පිළිබඳව දත්ත රැස්කිරීම, ආපදා අවස්ථාවන් පෙර හඳුනාගැනීම, ඉන් ජනතාව දැනුවත් කර ආපදා අවම කර ගැනීම සඳහා නවීන තාක්ෂණය භාවිත කර ආපදා අවස්ථා වලදී ක්‍රියාත්මක වන සියලූම ආයතන එකම කාර්යාලයක සම්බන්ධීකරණය කිරීම සඳහා වන ‘දේශගුණික අව බලපෑම අවම කිරීමේ ලෝක බැංකු ව්‍යාපෘති කාර්යාලය ‘වාරිමාර්ග දෙපාර්තුමේන්තු පරිශ්‍රයේදී කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථීක කටයුතු, වාරිමාර්ග සහ ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණී.

මෙහි වාරිමාර්ග දෙපාර්තුමේන්තුව, කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව, ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ධිවර අමාත්‍යාංශය , නාරා ආයතනය ආදී සියලූම ආයතනවලට අදාලව ජ්‍යෙෂ්ඨ නිලධාරියකු නියෝජනය වේ.

ලෝක බැංකුව සමඟ වාරිමාර්ග දෙපාර්තුමේන්තුව, අපදා කළමනාකරණ අමාත්‍යාංශය, වාරිමාර්ග අමාත්‍යාංශය සමඟ ඇති කර ගත් අවබෝධතා ගිවිසුම් ද මෙහිදී හුවමාරු කර ගැනීම සිදු කෙරිණි.

සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය පාසිල් කාසිම්, RIMESආයතනයේ අධ්‍යක්ෂ ඒ. ආර්. සුබ්බයියා, ආචාර්ය ශ්‍රිනිවාස්. වාරිමාර්ග අධ්‍යක්ෂ ජෙනරාල් මෝහන් රාජා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සිසිර කුමාර, වාරිමාර්ග අමාත්‍යංශයේ අතිරේක ලේකම් අල්විස්, කාලගුණ දෙපාර්තුමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ඒ. කේ. කරුණානායක , අපදා කළමනාකරණ මධ්‍යස්ථාන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් අතුල මහත්වරු, ඇතුලු නිලධාරීහු මේ අවස්ථාවට එක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *