පොලිසියට අල්ලස් දීමට තැත් කළ අයෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – පොලිසියට අල්ලස් දීමට උත්සාහ කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

දඹුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයේ විභාග වන හෙරොයින් සම්බන්ධ නඩුවක් කඩිනමින් අවසන් කර ගැනීමට සහාය දෙන ලෙසට ඔහු ඉල්ලා ඇත. උසාවියේ රාජකාරී කරනු ලබන පොලිස් නිලධාරියෙකුට රුපියල් දස දහසක අල්ලසක් ලබාදීමට සැකකරු උත්සාහ දරා ඇති බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 41ක් වූ කැකිරාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු අද(10) දින දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර දඹුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *