ඉන්ධන පරිභෝජනය මත කාබන් බද්ධ අයකිරීමට නීති

(කොළඹ, ලංකාපුවත්) – මෝටර් වාහන මත කාබන් බද්ද පැනවීම සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව ඉන්ධන පරිභෝජනය මත කාබන් මත අය කිරීමට හැකිවන පරිදි මුදල් පනතට සංශෝධන ගෙන ඒමට රජය තීරණය කර තිබෙනවා. ඒ සදහා වන යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර ඇත.

මෝටර් වාහන සඳහා හඳුන්වාදුන් කාබන් බද්ධ දැනට ක්‍රියාත්මක වන්නේ වාහනයේ ප්‍රථම ලියාපදිංචියේ සිට ගතවූ කාලය, එන්ජින් ධාරිතාව සහ ඉන්ධන වර්ගය අනුව වන අතර මුදල් පනතට එක්කරන සංශෝධන ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *