ඇල්පිටිය ඡන්දය ඉතා සාමකාමීයි – මහින්ද දේශප්‍රිය

(කොළඹ, ලංකාපුවත්) – ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ කටයුතු නිරීක්ෂණ කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇල්පිටිය ප්‍රදේශයට ගොස් තිබේ.

එම ජනතාව අතර ඡන්දය ප්‍රකාශ කිරීමට විශාල උනන්දුවක් ඇති බවත් , ඉතාම සාමකාමීව ඡන්ද විමසීම සිදුවන බවත් මෙම ඡන්දයත් ජනාධිපතිවරණය වගේම වැදගත් වන බවත් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

පස්වරු 4.00 න් පසුව ඡන්දය ගණන් කිරීමේ කටයුතු ආරම්භ වන බවත් පැවසූ මැතිවරණ කොමිෂන් සභාපතිවරයා, සමස්ත ඡන්ද ප්‍රතිඵලය ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සෝමරත්න විධානපතිරණ මහතා සහ ගාල්ලේ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් සියලු දෙනා එකතු වී නිවේදනය කරන බවත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *