සජිත් ජනතාව අතරින් මතු වූ ජන දුක හඳුනන නායකයෙක්

(කොළඹ, ලංකාපුවත්) – සජිත් ජනතාව අතරින් බිහිවූ ජනහිතවාදී නායකයකු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

රටේ ජනාධිපතිවිය යුත්තේ ජනතා නායකයෙක් ද?, ජනතා ඝාතකයෙක්ද? කියා ජනතාව හොදින් සිතා බලා නොවැම්බර් 16 දින ජනහිතවාදී නායකයෙකු ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත්කරගතයුතු බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (10) ගාලු මුවදොර පිටියේ පැවති එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ආරම්භක ජන රැලිය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,

සජිත් ප්‍රේමදාස දේශපාලනයට එද්දි මම ඇහුවා ඇයි මැදකොළඹ ආසනය භාරගන්නේ නැත්තේ කියා. එතුමා කිව්වා මට දුප්පත් මිනිසුන් සමඟ හම්බන්තොට වැඩකරන්න ඕනා කියා එදා එතුමා මට කිව්වා. එතුමා හම්බන්තොට පවුල්වාදයට, රදලවාදයට විරුද්දව නායකත්වය දී මේ සටන ගෙනිච්චා. එතුමා රට වටා ගිහින් ජනතාවගේ දුක වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පෙනී සිටියා. ඒ වගේම ස්ව්‍යං රැකියා සඳහා මහන මැෂින් ලබාදුන්නා, වෘත්තීය පුහුණු පාසල්, ළඳරු පාසල් හම්බන්තොට වලව්වලට යටවුණ ජනතාව වෙනුවෙන් ලබාදුන්නා. එතුමා ක්‍රියා කළේ හම්බන්තොට පවුල්වාදය නැතිකරන්නයි. හම්බන්තොට පවුල්වාදීන් සජිත් ප්‍රේමදාස මහතාට විරුද්ද වන එක පුදුමයක් නෙමෙයි. ඒ නිසා සජිත් ප්‍රේමදාස ජනනායකයෙක්. ජනනායක් හැටියට අපි තීරණය කළා එතුමාව ජනාධිපති අපේක්ෂකයා කරන්න. එදා රණසිංහ ප්‍රේමදාස පවුල්වාදය නැතිකරන්න ආරම්භ කළ සටන සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියට අරගෙන යනවා.

පවුල්වාදය මේ රටේ නැතිකරන්න එක්සත් ජාතික පෙරමුණ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නේ සජිත් ප්‍රේමදාසයි. මේ සජිත් ප්‍රේමදාස ජනතාව තුලින් මතුවූ ජනතා නායකයෙක් කියා එතුමා කියන්න කැමතියි. බැසිල් රාජපක්ෂ ගිය සදුදා කිව්වා අපි ඉදිරිපත් කරන්නේ ටර්මිනේටර් කෙනෙක් කියා. ඒ නිසා ඒ පිළිබඳව ජනතාව හොදින් සිතා කටයුතු කළ යුතුයි. මේ රටේ ජනාධිපතිවිය යුත්තේ ජනතා නායකයෙක්ද?, ජනතා ඝාතකයෙක්ද කියා ජනතාව හොදින් සිතා බැලිය යුතුයි. නොවැම්බර් 16 දින හංසයාට ඡන්දය දී සජිත් ප්‍රේමදාස ජනාධිපතිවනවා. අපි ගත්තු බලය ආරක්ෂා කළ යුතුයි.

මෙම අවස්ථාව සඳහා පූජ්‍ය දඹර අමිල හිමියන් ඇතුළු මහා සංඝරත්නය, එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස, එක්සත් ජාතික පක්ෂයේ සියළුම නියෝජිතයන්, එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියළුම පක්ෂ නායකයන්, සිවිල් සංවිධාන ක්‍රියාකරුවන්, ආසන සංවිධායකවරුන්, පළාත් සභා හා පලාත් පාලන ආයතනවල නියෝජිතයන් ඇතුළ මහජනතාව සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *