ජපානයේ ගංගා 140ක් පිටාර ගලයි – ‘හගිබිස්‘ නිසා 37ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –ජපානයට බලපෑ ‘හගිබිස්‘ සුළි කුණාටුවෙන් පසු රටපුරා ගංගා 140ක් පිටාර ගලාගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඒ අනූව ප‍්‍රදේශ රැසක් ජලයෙන් යටව ඇති බව එරට ආපදා අංශ සඳහන් කළේය. තවත් ගංගා 21ක ඉවුරු කැඩීගොස් ඇත.

සුළි කුණාටුවෙන් අවම වශයෙන් මේවන විට 37 දෙනෙකු මියගොස් ඇති බවත්, අතුරුදන් ගණන 20ක් බවත් වාර්තා වේ. ටෝකියෝ අගනුවර ඇතුළු නගර රැසක ලක්ෂ සියයක පමණ පිරිසකට ඉවත් වන ලෙසයි ආපදා අංශ දැනුම් දී තිබේ.

ජලගැලීම් සහ නායයාම්වලින් විපතට පත්ව ඇති ප‍්‍රදේශවල සහන මෙහෙයුම් සඳහා මේ වනවිටත් 27,000 කින් යුත් හමුදා බලඇණියක් යොදවා ඇත.

නායයාම්වලින් කඩාවැටුනු නිවාස සහ ගොඩනැගිලි අතර සිරවී සිටින පිරිස් මුදාගැනීම මෙන්ම ජල ගැලීම් හේතුවෙන් නිවාස තුළ සිරවී සිටින පුද්ගලයින් මුදා ගැනීමද තවදුරටත් කි‍්‍රයාත්මකය. ඒ සඳහා විශේෂ බෝට්ටු සේවා සහ හෙලිකොප්ටර් යානා ද යොදවා ඇතැයි සඳහන්වේ. එලෙස ජලගැලීම් හේතුවෙන් සිරවී සිටි 70 හැවිරිදි කාන්තාවක් මුදාගැනීමට උත්සහ දැරීමේදී ඇය හෙලිකොප්ටරයකින් ඇදවැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

මේවනවිට ප‍්‍රබලත්වය අඩුවෙමින් ඇති හගිබිස් සුළිකුණාටුව ඉදිරි පැය කිහිපයේදී ජපානයේ හොක්කයිදෝ දූපත දෙසට හමා යනු ඇතැයි අපේක්ෂිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *