ජාතික ජනබලවේගයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදැක්වීමේ කටයුතු අරඹයි

(කොළඹ, ලංකාපුවත්) –ජාතික ජනබලවේගයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදැක්වීමේ කටයුතු අද (14) සිට ආරම්භ වේ.

අදියර කිහිපයක් යටතේ සිය ප‍්‍රතිපත්ති එළිදැක්වීමට මේ වනවිට සැලසුම් කර ඇත. ඒ අනුව අද දිනයේ එළිදකින්නේ ඔවුන්ගේ අධ්‍යාපන ප‍්‍රතිපත්තියයි.

ඉදිරියේදී ජාතික ජනබලවේගය විසින් සෞඛ්‍ය, පරිසර, ප‍්‍රවාහන සහ ජාතික සමගිය ඇතුළු කරුණු රැසක් මුල්කර ගනිමින් සිය ප‍්‍රතිපත්ති ඉදිරිපත් කිරීමට නියමිතය. සම්පූර්ණ ජාතික ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ලබන 26 වැනිදා එළිදැක්වීමට ඔවුන් කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *