යාපනයේ පාසල් සදහා ස්මාර්ට් පංති කාමර 100ක්

(කොළඹ, ලංකාපුවත්) – යාපනය දිස්ත්‍රික්කයේ පාසල් සදහා ස්මාර්ට්පංති කාමර 100 ක් ආරම්භ කිරීමට රුපියල් මිලියන 44 ක මුදලක් ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශය විසින් ලබා දී ඇති බව අමාත්‍යාංශ ලේකම් වී. සිවඥානසෝති මහතා පැවසීය.

ස්මාර්ට් පංති කාමර තුළදී නවීන තාක්ෂණය උපයෝගි කරගෙන දරුවන්ට ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට යාපනය දිස්ත්‍රික්කයේ පාසල් 26 ක ගුරුවරුන් 52 දෙනෙකු පුහුණු කර ඇති බවත් ඉදිරියේදීත් ගුරුවරුන් සදහා අවශ්‍ය පුහුණුව ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යාංශ ලේකම්වරයා පැවසීය.

අමාත්‍යාංශ ලේකම්වරයා මේ බව පවසා සිටියේ පසුගිය සතියේ යාපනය පේදුරු තුඩුව හාර්ට්ලි විද්‍යාලයේ ස්මාර්ට් පංති කාමරය සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

දරුවන්ගේ අධ්‍යාපන ක්‍රමවේදය වඩාත් පහසු කරලීමට හා දරුවන්ට නවීන තාක්ෂණයේ අත්දැකීම් උපයෝගි කර ගැනීමට මෙමගින් අවස්ථාව උදාවන බව අමාත්‍යාංශ ලේකම් වී. සිවඥානසෝති මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *