ජනාධිපතිවරණය සඳහා තාවකාලික හැඳුනුම්පත් නිකුත් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –මැතිවරණ කොමිසන් සභාව විසින් ජනාධිපතිවරණය සඳහා තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බව ප්‍රකාශ කර තිබේ.

මෙම තාවකාලික හැඳුනුම්පත ජාතික හැඳුනුම්පත, පිළිගත් වලංගු විදේශ ගමන් බලපත්‍රය, රියදුරු බලපත්‍රය, වැඩිහිටි, විශ්‍රාමික හෝ පූජ්‍ය හැඳුනුම්පත යන පිළිගත් හැඳුනුම්පත් නොමැති පාර්ශවයන් හට ලබාගැනීමට ඉල්ලුම් කළ හැකිය.

කොට්ඨාශයේ ග්‍රාම නිලධාරිවරයා හමුවී ඒ සඳහා අවශ්‍ය ඉල්ලුම් පත්‍ර ලබාගෙන සම්පූර්ණ කර නොවැම්බර් 9 වන දිනට පෙර භාරදෙන ලෙස මැතිවරණ කොමිසන් සභාව මහා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *