සංචාරකයන් යළිත් සැක නැතිව එනවා

(කොළඹ, ලංකාපුවත්) –පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර නොතකා මාස පහක් තුළ මෙම අංශය යථා තත්ත්වයට පත්ව ඇති බවත් වසර අවසාන සංචාරකයින්ගේ පැමිණීම 20% කින් පමණක් අඩුවනු ඇති බවත් ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය මාස පහක් ඇතුළත 80% කින් යථා තත්ත්වයට පත්ව ඇතැයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති කිෂු ගෝමස් මාධ්‍යවෙත අදහස් දක්වමින් පවසා තිබේ.

පාස්කු ඉරිදා අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දී තිබියදීත්, අපි පසුගිය වසරට සාපේක්ෂව 80% ක ආදායමක් උපයා තිබෙනවා. මෙම කාර්ය සාධනය අපගේ ඉතිහාසයේ මෙතෙක් ලබා ඇති හොඳම වසරට සාපේක්ෂව ඉතා සුළු අඩු වීමක් පමණයි.

අප්‍රේල් මාසයේදී, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ඉක්බිතිව, සංචාරක ක්ෂේත්‍ර‍යේ පර්යේෂණ ඇසුරින් 2019 සඳහා පැමිණීම 30% කින් අඩුවනු ඇතැයි ඇස්තමේන්තු කර පැවතියත්, පසුගිය මාස හතර තුළ සංචාරකයන්ගේ පැමිණීම සැලකිල්ලට ගෙන එය 20% බවට සංශෝධනය කරීමට පියවර ගත්තා ”

මෙවන් තත්වයන්ට මුහුණ දුන් රටවල ප්‍රකෘතිමත් වීමේ මට්ටම සැලකිල්ලට ගනිමින් ගෝමස් පැවසුවේ ශ්‍රී ලංකාව ප්‍රකෘතිමත් වීම අනෙකුත් රටවලට සාපේක්ෂව ඉතාමත් සතුටුදායක මට්ටමක පවතින බවයි. විශේෂයෙන් බාලි සහ ඕස්ට්‍රේලියාව හා සසඳන මෙම තත්වය හඳුනාගත හැකි බව හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

බෝම්බ ප්‍රහාර දුටු වෙනත් රටවල අත්දැකීම් අනුව, ශ්‍රී ලංකාවට යථා තත්ත්වයට පැමිණීමට මාස 13 සිට 18 දක්වා කාලයක් ගත වනු ඇතැයි අපේක්ෂා කළා නමුත් වේගයෙන් යථා තත්වයට පත් වීමෙන් පෙනීයන්නේ තත්වය මඟ හැරීමට ගත් උපාය මාර්ග සාර්ථක වී ඇති බවයි.

මෙම සති අන්තයේ කොළඹ පැවති උත්සවයකදී මාස කිහිපයක් වැනි කෙටි කාලයක් තුළ මෙවැනි ව්‍යසනකාරී තත්වයක් පාලනය කළ හොඳම රට ශ්‍රී ලංකාව බව ඕස්ට්‍රේලියානු සංචාරක ක්‍රියාකරුවන්ගේ සංවිධානයක් වන කැටෝ හී ( CATO) 70 දෙනෙකුගෙන් යුත් නියෝජිත කණ්ඩායමක් සහතික කර ඇති බවත් කිෂු ගෝමස් පවසයි.

CATO හි සභාපති ඩෙනිස් බුනික් සෙනසුරාදා කොළඹ පැවති සමුළුවකදී සේවා සපයන්නන් පිරිසකට පැවසුවේ, ශ්‍රී ලංකාව වෙනත් රටවලට වඩා වේගයෙන් යථා තත්ත්වයට පත්ව ඇති බවත්, ඒ හා සමාන අත්දැකීම් ලබාඇති රටවල් සමඟ සසඳනවිට නැවත වරක් එහි තම විශිෂ්ඨ බව ලොවට පෙන්වා ඇති බවත්ය. මෙය කර්මාන්තයට ප්‍රබල ප්‍රකාශයක් ”යැයි ගෝමස් අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *