(කොළඹ, ලංකාපුවත්) – සුරක්ෂා සිසු රක්ෂණාවරණයෙන් මේවන විට සිසුන් තිස්පන් දහසකට ප්රතිලාභ ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ඒ වෙනුවෙන් වැයකර ඇති මුදල රුපියල් මිලියන 1588 කි.
සුරක්ෂා රක්ෂණාවරණයේ ප්රතිලාභ කඩිනමින් සිසුන් වෙත ලබාදීම සදහා ද විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මකය. ඒ අනුව ප්‍රමාදයක් හෝ ගැටලු සහගත තත්වයක් මතුවේනම් ඒ පිලිබදව දැනුම්දීමට විශේෂ දුරකථන අංකයක් ද ලබාදී තිබේ.
පාසල් , සෞඛ්‍ය හා පෝෂණ ශාඛාවේ 0112-369369 / 0113-641555 සහ 0112-2784872 යන දුරකථන අංක ඒ වෙනුවෙන් වෙන්කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේය.