ජාතික කෘෂි සැලැස්මකින් සියලු ගොවීන්ට සහන – අමාත්‍ය සජිත්

(කොළඹ, ලංකාපුවත්) –ජාතික කෘෂිකාර්මික සැලැස්මක් සකසා වී ගොවියාට මෙන්ම අතුරු භෝග වගාකරුවන්ට ද සහන සලසන බව ඊයේ (14) බණ්ඩාරවෙළ එක්සත් වෙළෙඳ සංගමය සමඟ පැවැති සුහද හමුවක දී නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. මෙම සුහද හමුවට ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරමින් බොහෝ පිරිසක් සහභාගි වු අතර,ඔවුන්ට ව්‍යාපාරයන් පවත්වාගෙන යාමේදි ඇතිව තිබෙන ගැටලු ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරිපත් කළේය.

බණ්ඩාරවෙල නගරගේ වාහන තද බදය නිසා රථවාහන අංගනයක් නිර්මාණය කිරීම, ක්‍රමවත්ව තොග වෙළද පොළ ඉදිකිරීම, බණ්ඩාරවෙල රෝහල දිස්ත්‍රික් රෝහලක් ලෙස සංවර්ධනය කිරීම යන ගැටලු ඉදිරි පත් වුනා.බණ්ඩාරවෙල රෝහල උසස් රෝහලක් බවට පත්කිරීම, අතරමග නතරවී ඇති තොග වෙළෙඳ පොළ මධ්‍යම ආණ්ඩුවේ ප්‍රතිපාදන වලින් සංවර්ධන කටයුතු අවසන් කිරීම හා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක් ඉල්ලීමක් කර වරාගගන, නව රථවාහන අංගනයක් නිර්මමාණය කිරීම ආදි කටයුතු සිදුකරන්න මම බලාපොරොත්තු වෙනවා.

මම ජනාධිපතිව පත්ව දින හතක් තුළ එය සිදුකරනවා. මට බොරු පොරොන්දු දෙන්න බැහැ. ඒ කාර්යයන් වලින් පසු විකල්ප මාර්ග හා උමං මාර්ග ඉදිකිරීම පිළිබඳවත් අවධානය යොමු කරනවා. පූර්ණ කාලීන් වැඩපිළිවෙලක් ඉදිරිපත් කර නගරයේ සංවර්ධන කටයුතු කඩිනමින් සිදු කරනවා.

මගේ දේශපාලනය තුළ අධ්‍යාපනය,‍සෞඛ්‍යය, පානීය ජලය, පොදු ජනතාවගේ ඉඩම් ප්‍රශ්නය, වාරිමාර්ග, කෘෂිකාර්මික, යටිතල පහසුකම්, කර්මාන්තකරණය, නවර ආර්ථිකයක් තුළන් රටේ ආහාර සරක්ෂිතභාවය රටේම නිෂ්පාදන වලින් ඇති කරනවා.

වී ගොවිතැන සිදුකරන ගොවියා‍ට පොහොර සහනාධාරය ලබාදෙනවා වගේම, අතුරුභෝග හා වෙනත් භෝගයන් වගාකරන වගාකරුවන්ටත් සහන ලබා දීමට කටයුතු කරනවා. ගොවියා හා පාරිභෝගිකයා යන දෙදෙනාම ආරක්ෂා කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ගොවින් වෙනුවෙන් ලබාදෙන සහතික මිල 50 සීමාව දක්වා ගෙනඑනවා. ඒ වගේම මේ වන විට රටේ ජාතික කෘෂිකාර්මික සැලැස්මක් නැහැ. මේ නිසා අස්වැන්න ලාබගත්තාම ඒවායේ මිල පහත වැටෙනවා. මම ජාතික කෘසිකාර්මික සැලැස්මක් ඇති කරනවා. ඒ තුළින් වගාවන්ට බීජ ලබා ගැනීමට යන වියදම අවමකරන්න අපි කටයුතු කරනවා.

ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති රැලිය පසුගිය දා ගාලු මුවදොර පිටියේ දී පැවැත් වූ අවස්ථාවේ දී සරත් ෆොන්සේකා මහතාට ආරක්ෂාව, නීතිය සහ සාමය පවරනවා යන්න කියූ ප්‍රතිඥාවට කලබලවීම හේතුවෙන් කළ වැඩක් ලෙසයි මෙය අපි දකින්නේ.

මේ සම්බන්ධයෙන් දින කිපයක් ගත වී ඇතත් හමුදාපතිවරයාගෙන් මෙම කරුණ පිළිබඳ ප්‍රශ්න නොකරන්නේ මන්ද? යන්න මාධ්‍ය වේදියකු අජිත් පී. පෙරේරා මහතාගෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඒ මහතා කියා සිටියේ ධූර දරණ හමුදාපතිවරයකු සමඟ සාකච්ඡා නොකරන බවයි.

මේ කෙරෙහි අවධානය යොමු කර මෙම කරුණට අදාළ සියලු පාර්ශ්ව පිළිබඳ කඩිනමින් පියවර ගන්නා ලෙස අජිත් පී. පෙරේරා මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *