සේරුවිලෙන් රන් නිධියක් සොයා ගැනේ

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ ප්‍රධාන භූ විද්‍යාත්මක කලාප 2ක් අතර පිහිටා ඇති සේරුවිල අරිප්පු, කොල්ලකුලම් බ්ලොක් සී ප්‍රදේශයේ පිහිටි යකඩ සහ තඹ නිධියෙන් ලබාගත් සාම්පලවල ඉහළ ප්‍රතිශතයකින් යුත් රත්‍රන් අඩංගු බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය නිවේදනය කළේය.

මීට දශක 4කට පෙර කැණීම් කර භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට අයත් යක්කල වැරැල්ලවත්තේ හර විදුම් ගබඩාවෙහි ආරක්ෂිත ගබඩා කර තිබූ සාම්පල 25ක් පමණ කාර්යාංශයේ විශ්ලේෂණ විද්‍යාගාරයෙන් පරීක්ෂා කළ අවස්ථාවේදී තහවුරු වූයේ ඉන් ඇතැම් සාම්පලයන්හි රත්‍රන් අඩංගුව ඇති බවයි. පසුව අදාළ සාම්පල් විදේශ විද්‍යාගාරවලදී පරීක්ෂා කිරීමෙන් මේ බව වටාත් තහවුරු කරගෙන තිබේ.

පෘථිවි පෘෂ්ඨයෙහි සාමාන්‍ය වශයෙන් රත්‍රන් පවතිනුයේ කොටස් බිලියනයකට කොටස් 4ක් (4 PPH) වශයෙන් වන නමුත් සේරුවිල නිධියෙන් ලබාගත් ඇතැම් සාම්පලවල කොටස් බිලියනයකට රත්‍රන් කොටස් 1000ක් (1000 PPH) ඉක්මවා පවතින බව දැනට තහවුරු වී ඇත.

එසේම එම සාම්පලයන්හි පැලේඩියම්, ප්ලැටිනම් ආදී ඉහළ අගයක් සහිත මූලද්‍රව්‍යයන්ද අඩංගු වන බව සනාථ වී තිබේ. මෙම නිධිය වර්ග කිලෝමීටර 100ක පමණ භූමියක උපපෘෂ්ඨයෙහි සිරස් අතට කිලෝමීටර් 5ක් පමණ දුරකට පැතිරී ඇති බවට දැනට අනාවරණය වී ඇත. එම සමස්ත භූමි ප්‍රදේශයෙන් මේ වන විට වර්ග කිලෝමීටර් 18ක් සංරක්ෂිත කලාපයක් බවට රජයේ ගැසට් නිවේදනයක් මඟින්ද නම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *