දීපාවලී උත්සවය වෙනුවෙන් වතු කම්කරුවන්ට අත්තිකාරම් මුදලක්

(කොළඹ, ලංකාපුවත්) –වතු කම්කරුවෙකුට රුපියල් පහලොස්දහසක අත්තිකාරම් මුදලක් ලබා දීමට රජය කටයුතු කර ඇති බව කදුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යය පලනි දිගම්බරම් පැවසීය.

මෙම මුදල හින්දු භක්තිකයන්ගේ ප්‍රධාන උත්සවයක් වන දිපවාලි උත්සවය වෙනුවෙන් ලබාදීමට තීරණය කර ඇත.

වතු සමාගම් විසින් වතු කම්කරුවෙකුට දසදහසක්ද රජය මගින් පන්දහසක මුදලක්ද ලබා දීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.

මේ මස 27 දිනට යෙදී ඇත දීපාවාලි උත්සවයේදී වතු කම්කරුවෙකුට ඉතිහාසයේ මෙතෙක් ගෙවා ඇති වැඩිම අත්තිකාරම් මුදල ගෙවන බව වතු අධිකාරිවරුන් සදහන්කර සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *