රාජ්‍ය ණය කළමනාකාරණ කාර්යාලයක්

(කොළඹ, ලංකාපුවත්) – ණය කළමනාකරණ සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටලු විසඳීම අරමුණු කර ගනිමින් රාජ්‍ය ණය කළමනාකරණය සඳහා රාජ්‍ය ණය කළමනාකාරණ කාර්යාලය යනුවෙන් ආයතනයක් මුදල් අමාත්‍යංශය යටතේ ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

මේ සඳහා ප්‍රතිපාදන ලබා ගැනීමේ යෝජනාව මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව මෙම ආයතනය මුදල් අමාත්‍යංශය යටතේ ස්ථාපිත කිරීමට ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා ගැනීමටත් ,රාජ්‍ය ණය කළමනාකරණ පනතක් කෙටුම්පත් කිරීමට යෝජිත කාර්යාංශ්‍ය පිහිටුවීම සඳහා ආයතනික රාමුවක් සංවර්ධනය කිරීමට භාණ්ඩාගාර ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුතු පංච පුද්ගල රාජ්‍ය ණය කළමනාකාරණ කමිටුවක් ස්ථාපිත කිරීමටත් ,මෙම කාර්යයන් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීම සිදු කෙරෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *